අමාත්‍ය ජී.එල්.පීරිස් යුරෝපා සංගමයේ තානාපතිවරයා හමු වෙයි

විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් ඉකුත් 6 වැනි දා යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපති ඩෙනිස් වයිබි හමු වී තිබෙනවා.
මෙරට වත්මන් ආර්ථික තත්ත්වය ආශ්‍රිත ප්‍රවණතා, 2012 අංක 1 දරන එක්සත් ජාතින්ගේ රෙගුලාසි යටතේ තහනම් කරන ලද සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තු, තර්ස්ථවාදය වැළැක්වීම ආදී කරුණු රාශියක් ම එහි දී අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර, සාකච්ඡාවට බඳුන් වූ බව වාර්තා වනවා.
ආර්ථික අර්බුදය හමුවේ වුව ද අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රජය සිය අවධානය යොමු කොට බවත් අමාත්‍යවරයා අවධාරණය කළ කරුණු අතරට ඇතුළත්.

Leave a Reply

Your email address will not be published.