අන්තරේ පාගමන කොළඹ දෙසට

රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමන කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා.
මේ වනවිට එම පාගමන කැළණිය – පට්ටිය හන්දිය පසුකරමින් කොළඹ දෙසට ගමන් කරන බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
පාගමන අද පස්වරුවේ ගාලුමුවදොර විරෝධතා භූමිය වෙත ළගා වීමට නියමිතයි.
විරෝධතා පාගමන හේතුවෙන් වාහන ගමනාගමනයට ද සුළු වශයෙන් බාධා එල්ල වී ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.