ලොව පුරා කොවිඩ් ව්‍යාප්තිය ඉහළට

ගෝලීයව කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, කුමන හෝ අවස්ථාවක නැවත ශ්‍රී ලංකාවේද වයිරස් ප්‍රභේද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා කොවිඩ් මර්දන වර්ධක එන්නත් ගැනීම වැදගත් වන අතර, පළමු මර්දන වර්ධක එන්නත ගෙන මාස තුනක් ගත වූ පසු දෙවැනි මර්දන වර්ධක එන්නත ගත හැකි බව ද ඒ මහතා කීය.

වයස අවුරුදු වැඩි 20ට වැඩි ඕනෑම පුද්ගලයකුට මේ වර්ධක එන්නත් ගත හැකි බවත් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ප්‍රධාන රෝහලකින් එන්නත් ගත හැකි බවත් ඒ මහතා පැවසුවේය. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, නිදන්ගත රෝග පවතින්නන් මේ කොවිඩ් මර්දන වර්ධක එන්නත ගැනීම වඩාත් වැදගත් බවත් වයිරසයට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය ඔවුන් තුළ ඇති වනුයේ වර්ධක එන්නත් ගැනීමෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙරට ජනගහනයට අවශ්‍ය තරම් එන්නත් ගබඩා තුළ පවතින බවත් මේ මාසය තුළ දීම එන්නත් ගැනීම වඩාත් වැදගත් බවත් හෙතෙම මහජනතාවට මතක් කළේය.

කොවිඩ් රෝගීන් වාර්තා වීම මේ වන විට ඉතා අවම වී ඇතැයි ද එන්නත්කරණය සහ කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඊට හේතු වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.