ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනිය කරන ඉල්ලීම

ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍යව ඇති ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, කෝලාහල හා බලහත්කාරකම් මගින් සපුරාගත නොහැකි බව ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකා තානාපතිවරිය පවසන්නේ ගැටලුවලට ප්‍රචණ්ඩත්වය පිළිතුරක් නොවන බවයි.

විරෝධතාවේ නිරත වන්නේ නම් එය සාමකාමීව පවත්වන ලෙස ඉල්ලා සිටින ඇය සාමකාමී විරෝධතා පැවැත්වීමට ආරක්ෂක හමුදා සහ පොලිසිය ඉඩ සැලසිය යුතු බවද සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.