ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටාන්යා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp)නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.  

ඒ් අද(08) නාවික හමුදා මූලස්ථානයේදී ය. 

මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය සහ නාවික හමුදාපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පිළිසඳරක් පැවැත්වුණි. 

හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් නෙදර්ලන්ත තානාපතිනිය වෙත සමරු තිළිණයක් පිරිනැමීමටද කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published.