“පොලිස් ඇඳිරි නීතිය දැමීම නීති විරෝධීයි” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

අද (ජූලි 8) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය විරෝධය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර ඇත.

එලෙස පොලිස් ඇඳිරි නීතිය පැන්වීම නීති විරෝධී බව ත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කීරීමක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර තිබේ.

මේ අතර, දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර ඇත.

“පොලිස් ඇඳිරි නීතිය” කියා දෙයක් නැත. මෙය හෙට පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණය වැළැක්වීම සඳහා කරන ලද නීති විරෝධී නිවේදනයකි,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද පොලිස් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.