විරෝධතාව අතරතුර තුවාල ලැබූවන් ගණන 42 දක්වා ඉහළට

විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහල සඳහන් කළේ ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් ද වන අතර, කාන්තාවන් තිදෙනෙකු ද වනවා.
එමෙන්ම, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර, විරෝධතාකරුවන් තවදුරටත් ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටිමින් සිය විරෝධය පළ කරනවා.
එසේම, පක්ෂ නායක රැස්වීමක් අද (09) පස්වරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා කර ඇති ඉල්ලීම ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව ද කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.