ශ්‍රීලනිපයේ මතය මෛත්‍රී කියයි

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

සාමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම සඳහා මේ කටයුතු සිදු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

එසේම අරගල කරුවන්ගේ ද අදහස් මේ අවස්ථාවේ ලබාගත යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.