තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11ක්

ආණ්ඩුවට එරෙහි ඊයේ (09) සිදු වු විරෝධතා අතරතුර ඇතිවූ සිදුවීම්වලින් පුද්ගලයින් 103 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය.

තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 05 දෙනෙකු වන බව වාර්තා විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට දී මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊයේ (09) රාත්‍රී විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පහරදී තිබුණි.  

ඒ අතර “අද දෙරණ” ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ සිරස මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු වන බව වාර්තා විය.

අදාළ ප්‍රහාරය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය කණගාටුව පළකර තිබේ.

පහර දීම සම්බන්ධයෙන් වගකිව යුතු නිළධාරීන්ට එරෙහිව වහාම සුදුසු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ නිහාල් තල්දූව මහතා ඊයේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.