ශ්‍රී ලංකා – ඔස්ට්‍රෙලියා දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනය අදයි

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රෙලියා දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනය අද (10) යි.
ඊයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 02 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටියා.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 364 ක් රැස් කළා.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබා සිටියා.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 86කට දැවී ගියා.

Leave a Reply

Your email address will not be published.