මහින්දලා, ගෝඨභයලා අභිෂේක කරවූ මේ පාදඩ දේශපාලන ක්‍රමය ඉවර කරන්නේ කොහොමද?

“ගෝඨාභයට තවත් විකල්ප කියලා දෙයක් ඉතිරි වෙලා නැහැ. ගෝඨාභයට කරන්න තියෙන එක ම දෙය පුළුවන් ඉක්මනට අස්වෙලා යන එක විතරයි. එතැන තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කොහොම වෙතත් ලංකාවේ දේශපාලනයේ ‘ගෝඨාභය රාජපක්ෂ’ කියන අඳුරු පරිච්ඡේදය දැන් අවසන්ව ඇතැයි රසික ජයකොඩි මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ,

ඒත් ලංකාවේ ගෝඨාභය කෙනෙක් බිහිවුණේ ඇයි කියන ප්‍රශ්නයට අපි තාම උත්තර හොයාගෙන නැහැ. දූෂිත ව්‍යාපාරිකයන්, ජාවාරම්කාරයින්, කුප්‍රකට මාධ්‍ය අයිතිකාරයන් ගේ මූලිකත්වයෙන් ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 69 ලක්ෂයක් ඡන්දය දීලා ගෝඨාභය කෙනෙක් බලයට ගෙනාවා. අද ඒ අසමත්, අදක්ෂයා විසින් මුළු ජාතිය ම අනාගතය කාබාසිනියා කොට තිබෙනවා. ඒත් මේ වගේ ම මෙහෙයුමකින් හෙටත් ගෝඨාභය කෙනෙක් බලයට ගේන්න පුළුවන් නේද? ඒක වළක්වගන්නේ කොහොමද? මහින්දලා, ගෝඨභයලා අභිෂේක කරවූ මේ පාදඩ දේශපාලන ක්‍රමය ඉවර කරන්නේ කොහොමද?

අරගලයේ තීරණාත්මක හැන්දෑවේ අපි මේ ප්‍රශ්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published.