හදිසියේම කතානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්දයාපා අබේවර්ධන විසින් හෙට (11) විශේෂ පක්ෂ නායක රැස්වීමක් දිනයේ කැඳවා තිබේ.

එම පක්ෂ නායක රැස්වීම කතානායක වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු දෙකට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.