ජනතා අභිලාෂයන් ඉටුවන නව ව්‍යවස්ථාවකට යා යුතුයි

ජනතා අභිලාෂයන් ඉටුවන නව ව්‍යවස්ථාවකට යා යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද (10) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේ කවුරුන් ආණ්ඩු බලය ලබා ගත්තත් අරගලයේ අපේක්ෂාවන් සමඟ සම්මුතියකට එළඹීමට ඔවුන්ට සිදුවන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු කුමාර් ගුණරත්නම් මහතා,

“ජනතාවගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන, ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අයිතිය මුලික මිනිස් අයිතිවාසිකම් ලෙස, තහවුරු කරන ජනතාවගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කරන අවශ්‍ය වෙලාවට ජනතාවගෙන් පත්වෙච්ච නියෝජිතයින් යළි කැඳවීමේ බලය ජනතාවට හිමිවෙන, ඒ වගේම ජනතාවට ජනමත විචාරණයක් කැඳවීමට අවශ්‍ය වුණු වෙලාවක ජනමත විචාරණයක් කැඳවීමේ බලය ජනතාවට හිමිවෙන වගන්ති ඇතුළත් නව ව්‍යවස්ථාවකට අපි යා යුතුව තියෙනවා. පසුගිය දිනවල මේ ගැන සාකච්ඡාව තියෙද්දි සමහර දේශපාලන පක්ෂවල සමහර පුද්ගලයින් කියන්න ගත්තා, මේ තියෙන ව්‍යවස්ථා රාමුවෙන් එහාට අපිට මුකුත් කරන්න බෑ කියලා. දැන් අපි අහනවා මේ ව්‍යවස්ථා රාමුවෙන් ඇතුළේ ද ඊයේ සිදුවුණ සිදුවීම් වුණේ. ව්‍යවස්ථාව ඇතුළේ ද විධායක ජනාධිපතිවරයාව බලයෙන් පහ කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දන්නේ නෑ 13 ඉල්ලා අස්වෙනවා කියලා තව මොන කුමන්ත්‍රණයක් අටවයි ද කියලා. මොකද මේ අයගේ දේශපාලන පැටිකිරිය එතරම් විශ්වාස එකක් නෙමෙයි. ඒක පසෙක තිබිය දී දේශපාලන වශයෙන් පිළිඅරගෙන තියෙනවා මොහු ඉල්ලා අස්වෙන්න ඕනේ, ඉල්ලා අස්වෙලා තියෙන්නේ අද වෙද්දි බලයක් නෑ කියලා. 

තව කාරණයක් කියන්න ඕනේ මෙතන දී ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමා ගෝඨාභය ගියත් මොකද වෙන්නේ. අපි කියනවා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් අපි ජනතාව ලව්වා මේ වැඩේ කරගත්තා කියලා ඒ නිසා දැන් අපිට තියෙන්නේ පාර්ලිමේන්තු සෙල්ලමක් කරලා වැඩ බලන ජනාධිපතිවරු පත්කරලා 21 වන සංශෝධනය කියලා බොරු සෙල්ලමකුත් දාලා පරණ සෙල්ලම් කරන්න කියලා. ඒක ලොකු වැරදීමක්. කවුරු ආණ්ඩු කරත්, කවුරු කැබිනට් මණ්ඩල පත්කරත් ඔවුන්ට සිද්ධවෙනවා අරගලයේ අපේක්ෂාවන් සමග සම්මුතියකට එන්න. ඊයේන් පස්සේ අරගලය අපේ රටේ අලුත් නීතියක්, අලුත් සම්මුතියක් හදලා තියෙනවා. ඒක බැහැර කරමින් කාටවත් දේශපාලනය කරන්න බෑ.”

Leave a Reply

Your email address will not be published.