රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (11) කැඳවා තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ලබන 13 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මෙහිදි ඉදිරි පියවර සම්බන්ධයෙන් අවසන් එකඟතාවන්ට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ද අද විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ප්‍රායෝගික ක්‍රමවේදයක් යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ නායක රැස්වීම තුළ පොදු එකඟතාවකට එළඹිය යුතු බවය.
නව රජයක් ස්ථාපිත කරන තෙක් කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නගින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩ්ව් ගුණසේකර මහතා පෙන්වාදෙයි.
පවතින තත්ත්වය හමුවේ අරගලයේ අරමුණු සාක්ෂාත් කළ හැකි කෙටිකාලන අන්තර්කාලීන රජයක් කඩිනමින් පත්කළ යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අචාර්යය හරිනි අමරසුරිය මහත්මිය ප්‍රකාශ කළාය.