සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් SSPගේ වැඩ තහනම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත් (9) ඇති වු සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇත.

මාධ්‍යවේදීන්ට පහර දීම වැලැක්වීමට කටයුතු නොකිරීම, ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතනම ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

විශේෂ කාර්ය බළකායේ අගමැති ආරක්ෂ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published.