අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ  11 සවස් කාලයේ උතුරු මුහුදේ ක්‍රියාත්මක කළ අතර, එහිදී කෝවිලන් ප්‍රදීපාගාරයට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කර, මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල අනවසර ධීවර කටයුතු සිදු කරන බව  නිරික්‍ෂණය කළ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙයි

‍ෙඒ අනුව, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් හය දෙනා (06) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කල අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.