ඉන්දීය ගුවන් හමුදාවේ පියා සහ දියණිය ඉතිහාසයට එක් වෙති

එකම ජෙට් යානයක නියමුවන් ලෙස එක්ව පියාසර කරමින් ඉන්දියාවේ පියකු සහ දියණියක එරට ගුවන් හමුදාවේ ඉතිහාසයට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වාර්තාව තබනු ලැබුවේ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවන් වන එයාර් කොමදෝරු සංජේ ෂර්මා සහ පියාසර නිලධාරිනි අනන්‍යා ෂර්මා විසිනි. ඉන්දීය ගුවන් හමුදාවේ සේවය කරන මේ දෙදෙනා පසුගියදා බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් න හෝක් -132 නමැති ජෙට් යානයක නියමුවන් ලෙස කටයුතු කරමින් කර්නාටක ප්‍රාන්තයේ බයිදර් ගුවන් හමුදා කඳවුරේ සිට එම ජෙට් යානය පියාසර කර ඇති අතර, පසුව එම සිදුවීම සමාජ මාධ්‍ය ජාල අතර දැඩි අවධානයට ලක්වී තිබේ.

වසර 1989 දී ඉන්දීය ගුවන් හමුදාවේ කොමිෂන් නිලධාරියකු බවට පත් වූ සංජේ ෂර්මා මිග් 21 බලඝණ අණදෙන නිලධාරියා ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ දියණිය අනන්‍යා ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස කොමිෂන් ලබා ඇත්තේ පසුගිය වසරේදීය.

Leave a Reply

Your email address will not be published.