ගෑස් ලබා ගැනීමේ දී විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතුයි

ලිට්‍රෝ ගෑස් ලබාගැනීම සඳහා මහජනතාවට 2022 මැයි මස විදුලි බිල අද(11) සිට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ලිට්‍රෝ සමාගම පවසයි.

අනවශ්‍ය තොග රැස්කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සදහන් කෙරේ.

මේ අතර ලිට්‍රෝ සමාගම විසින් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 50කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රු 4,860ක පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4,910ක් වේ.

අද (11) සහ හෙට (12) කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම් සිදුකරනු ලබන අතර, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

LP ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published.