ජනපතිට ඉවත් වන්නැයි බල කරමින් ආජන්ටිනා වැසියෝ ජනපති මන්දිරය වටලති

ඉන්ධන සහ ආහාර මිල දැරිය නොහැකි තරම් ඉහළ යෑමෙන් උද්ධමනයෙන් පීඩා විඳින ආජන්ටිනාවේ දසදහස් ගණන ජනතාව එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ජනාධිපති මන්දිරය වට කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට බුවනෝස් අයර්ස් අගනුවර වීදි පුරා මේ වනවිට ජනතාව රැස්ව සිටින බවත්, ආහාර මිල හා ඉන්ධන මිල පහත දමන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක නිරත වන බවත් වාර්තා වේ. උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ද උද්ගත වී ඇති අතර, ජනතාව පාලනය කිරීමට උත්සාහයක නිරත වු පොලිස් නිලධාරීන් බැටන් පොලු ප්‍රහාරයක් ද සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ වන විට ආජන්ටිනාවේ උද්ධමනය 60%කින් ඉහළ ගොස් ඇති අතර, ආර්ථික අර්බුදය හමුවේ පසුගිය සතියේදී එරට ආර්ථික ඇමැතිවරයා ද ඉල්ලා අස් විය.

Leave a Reply

Your email address will not be published.