මහජන බැංකුව 61 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලාංකීය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නව මං සලකුණක් තැබූ මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වැනි දිනට 61 වසරක් සපිරිය. මෙරට සාමාන්‍ය පොදු ජනතාවට බැංකුකරණය හුරු කළ මහජන බැංකුව, සිය 61 වන වසර සපුරන විට ඩිජිටල් මූල්‍ය සේවාවන් මෙරට ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරමින් ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ මු`ඵ ජාතියටම ගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක නිරතව සිටීම මෙන්ම දේශයේ අභිමානය ලෙස මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අඛණ්ඩව දායකත්වය සැපයීම සුවිශේෂ කරුණකි.

සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමඟම රන් භාණ්ඩ උකස් සේවා කටයුතු වලට ද මහජන බැංකුව 1963 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන්භාණ්ඩ වෙළඳපළ විධිමත් විය.

මේ වන විට මහජන බැංකුව රුපියල් ටි්‍රලියන තුනකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයක් වන අතර, දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 743 කින් සහ 8000කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 268ක් පමණ වන මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් (SBU) තුළින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාවයි.

මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වැනි දිනට හැට එක් වසරක් සැපිරුනු අතර, මේ වෙනුවෙන් චාම් සංවත්සර සැමරුමක් කොළඹ 02, ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරු කාර්ය මණ්ඩලය ඇමතීය.

මෙහිදී රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලු නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහනක් පැවැත්වීමට මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව කටයුතු කරන ලදි.

ඒ අනුව ආශිර්වාදාත්මක පිරිත් දේශනය ප්‍රධාන කාර්යාලයේදී සහ සපිරිකර දානමය පින්කම කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී එහි විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. එමෙන්ම බම්බලපිටිය කොවිලේ ශ්‍රී නිවාස කුරුකල් පූජකතුමා විසින් හින්දු දේව පූජාවද, කොළඹ දවටගහ ජුම්මා ඉස්ලාම් දේවස්ථානයේ දේශබන්දු අල්හාජ් ෆයිසාල් හසන් මවුලවි පූජකතුමා විසින් ඉස්ලාම් දේව මෙහෙයද, පිටකොටුව ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේ ඇන්ටන් රෝහිත පියතුමා විසින් කතෝලික දේව මෙහෙයද සිදුකරන ලදී. මෙම මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය, වෘත්තිය සමිති නියෝජිතයන් හා විශ්‍රාමික සේවක පිරිස්ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.