යූරියා පොහොර සාම්පල් වාර්තාව නිකුත්වේ

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යූරියා පොහොර සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මෙරට ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව මෙරට රසායනාගාරයකට පොහොර සාම්පල් යවා ඒවායේ අන්තර්ගත බයියුරේට් ප්‍රතිශතය සම්බන්ධව ඉල්ලන ලද වාර්තාව ඊයේ ජාතික පොහොර ලේකම් කාර්යාලයට ලැබී තිබිණි.

මෙම යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය 0.9% ක් බව එම වාර්තාව සනාථ කර තිබේ. මින් පෙර මෙම පොහොර සම්බන්ධව අන්තර්ජාතික රසායනාගාර වාර්තා 03ක් ලබාගත් අතර, එම වාර්තා ද සඳහන් කර තිබුණේ බයියුරේට් ප්‍රතිශතය 0.65%ක අගයක් ගන්නා බවයි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද යූරියාවල බයියුරේට් ප්‍රතිශතය 1%කි. එම නිසා ඉන්දීය රජය විසින් ලබාදෙන ලද යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු වගාවන් සඳහා යෙදවීමට කිසිදු ගැටළු සහගත තත්ත්වයක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.