මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයේදී විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

රට තුළ දැනට පවතින ඉන්ධන සපයා ගැනීමේ සීමාවන් හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු මත දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට පොදු සහ පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී කේ අලහකෝන් මහතා කියා සිටියි.

කෙසේ නමුත් ජුලි 15 වන සිකුරාදා විවෘතව පවතින බවයි දෙපාරර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඉන්පසුව නැවත දැනුම් දෙනතුරු සතියේ වැඩකරන දින 05 තුළට සිකුරාදා දිනය නොවන රජයේ නිවාඩු දිනයක් යෙදුණහොත් හැර සිකුරාදා දිනවල දෙපාර්තමේන්තුව විවෘත නොකරන බව සදහන් කෙරේ.

මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් වාහන ලියාපදිංචි කිරීම් සදහා 070 යි 7 යි 677 යි 877 යන අංකයටද / රියදුරු බලපත්‍ර සදහා 070 යි 7 යි 677 යි 977 යන අංකයට රාජකාරි වේලාවන්වලදී අමතන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published.