ජපාන හිටපු අගමැතිවරයා අවසන් ගමන් යයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවසන් කටයුතු අද සිදු කෙරුණි. ඒ් හේතුවෙන් රටවල් රැසක් ජාතික ශෝක දිනයන් ප්‍රකාශයට පත් කර තිබුනි.

ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා ඉකුත් 08වැනිදා නාරා නගරයේ මැතිවරණ රැළියක් අමතමින් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු මිය ගියේය. 

67වැනි වියේ පසුවූ ෂින්සෝ අබේ, 2020 වර්ෂයේ දී සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් ඉවත් විය.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු ජපානයේ ටෝකියෝ අගනුවර දී අද සිදු කෙරුණි. ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ 

හිතවතුන් සුළු පිරිසක් ඊට සහභාගී වූ බව විදෙස් මාධය වාර්තා කරයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය ඊයේ රාත්‍රී ටෝකියෝ නුවර ‌බෞද්ධ විහාරස්ථානයකට ගෙන එනු ලැබීය. 

දහස් ගණන් ජනතාව සහ රාජතාන්ත්‍රිකයින් ඔහුගේ දේහයට අවසන් ගෞරව පුදකළහ. 

ආර්ථික අර්බුදයෙන් ජපානය ගොඩගත් විශිෂ්ඨතම දේශපාලන චරිතයක් ලෙස  ෂින්සෝ අබේ සලකනු ලැබේ. 

Leave a Reply

Your email address will not be published.