අගමැති වහා ඉල්ලා අස්වන්න – පක්ෂ නායකයින් අවධාරණය කරයි

ත්‍රිවිධ හමුදාපතිවරුන්, ඒකාබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිස්පතිවරයා ද සහභාගි වෙමින් අද දින පැවැත්වු පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී අද දිනය අවසන් වීමට පෙර ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාගෙන් ලබා ගන්නා බවත් එසේ නැතිනම් තමන් ඉල්ලා අස්වන බවත් කථානායකවරයා අවධාරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක මනෝ ගනේෂන් මහතා අප වෙත පැවසීය.

විරෝධතාකරුවන්ට එරෙහිව ජීව උණ්ඩ භාවිතා කිරීම, පක්ෂ නායකයෝ ප්‍රතික්ෂේප කර  බවත්,දේශපාලන විසඳුමක් ලෙස අගමැති රනිල්ට වහා ඉල්ලා අස්වී  නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණය පාර්ලිමේන්තුවේදී ලබන 20 වනදා පැවැත්වෙන තෙක් කතානායකවරයාට රට පාලනය කරන ලෙස පක්ෂ නායකයින් ඉල්ලා අති බවත්,විපක්ෂයේ පක්ෂ නායකයින් සියලු දෙනා මෙන්ම රජය පාර්ශවයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පමණක් මෙම පක්ෂ නායක රැස්වීම සදහා සහභාගී වු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.