ආර්ථික අර්බුදය ගැන මහ බැංකු අධිපති කියූ දේ

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක කිරීම පත්වීමට නියමිත ආණ්ඩුවේ වගකීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පසුගිය රජයවල් දෙකම විසින් යම්කිසි ආකාරයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, ප්‍රතිසංස්කරණ කරලා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙන පැත්තකට යන්න උත්සාහ කළොත් මේ රට තවත් අමාරුවේ වැටෙයි. පළමුවෙනි ම පණිවුඩය තමා මට කියන්න තියෙන්නේ, ඒ ගිය මාර්ගයේ හැකි ඉක්මනින් ගිහින් ඉවර කරලා, තමයි රට මෙතැනින් උඩට තියන්න පුළුවන්. වෙන දේවල් අත්හදා බලන්න ගියොත් එහෙම මේ වගේ වේලාවක මේ රට බරපතළ තත්ත්වයකට එන්න පුළුවන්. දෙවැනි එක තමා මේක ජනතාවට දැනුවත් කරන්න ඕනේ මේ ප්‍රශ්නය ගැන. අලුතින් ආණ්ඩුවක් ආවා කියලා හෙට තෙල් ටික හම්බවෙන්නේ නෑ. මාසයකින් තෙල් හම්බවෙයි කියලා කාටවත් කියන්න බෑ. මේකෙ තියෙන ප්‍රශ්නය පැහැදිලි කරලා දීලා‍, මේකට විසඳුම මේකයි කියලා ජනතාව එක්ක ඉදිරියට යන එක තමා එන ආණ්ඩුවට කරන්න තියෙන එකම දේ.

Leave a Reply

Your email address will not be published.