අගමැති කාර්යාලයට කඩා වැදුණු උද්ඝෝෂකයන් පොලිස් ට්‍රක් රථයක තිබුණු කඳුළු ගෑස් පතොරම් පිරවූ පෙට්ටි දෙකක් සිය භාරයට ගෙන නැවත පොලීසියටම භාරදී තිබේ.
කැරලි මර්දන බළකායේ පොලිස් නිලධාරීන් රැදී සිටි එම ට්‍රක් රථයට ගොඩවූ ඔවුන් කඳුළු ගෑස් පතොරම් පෙට්ටි දෙකට අමතරව එහි තිබුණු සහකාර පොලිස් අධිකාරීවරයකුගේ හිස් වැසුමක්ද සිය සන්තකයට ගෙන ඇත. එම හිස් වැසුම දමාගෙන කිහිප දෙනෙක් ඡායාරූප ද ගෙන ඇති අතර ඒ සියල්ලක්ම බුද්ධි අංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
මඳ වේලාවකට පසු ඔවුන් ට්‍රක් රථයෙන් බැස අගමැති ලේකම් කාර්යාලය වෙත ගොස් ඇත්තේ කඳුළු ගෑස් පතොරම් පෙට්ටි දෙකත් සහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ හිස් වැසුමක් ලබා දෙමිනි.