අද බෙදෙන ලිට්‍රෝ

කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ අද දිනයේ පිට පළාත්වලට ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහරින බවයි.
එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයටද අද ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට සැළසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.
ඊට පොලිසියේ සහයද ලබා ගැනීමට නියමිත යි.
එමෙන්ම අද දිනයේ අලෙවි නියෝජිතයන් වෙත ද ගෑස් සිලින්ඩර් යොමු කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් වෙත ඉන්ධන පැමිණෙන දිනයක් පිළිබද නිශ්චිත තොරතුරු අනාවරණ නොවන පසුබිමක ලංකා අයි.ඕ.සි පිරවුම්හල් අසල පවතින පෝලීම් තවදුරටත් දිගු වී තිබෙනවා.
මේ අතර, ඩීසල් රැගත් නෞකාවක් ලබන 15 ත්, 17 ත් අතර දිනවලදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.