සෙවනගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

සෙවනගල – කටුපිල වැව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, පිරිසක් මත්පැන් පානය කරමින් සිටින අතරතුර මෙම වෙඩි තැබීම ඊයේ සිදුව ඇති බවයි.
මත්පැන් පානය කරමින් සිටිය දී එක් පුද්ගලයෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් එහි සිටි තවත් අයෙකුට වෙඩි තැබීමත් සමඟ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට ද තවත් පුද්ගලයෙකු මුගරකින් පහර දී තිබෙනවා.
කෙසේවෙතත් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පමණක් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් මෙම ගැටුමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.