FLASHBACK නිරෝෂන් DREAMZ තැබු සංවේදී සටහන

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පී නිරෝෂන් සංජීව පසුගියදා තම සංගීත කණ්ඩායමට සමුදීම සිදු කරනු ලැබුවා.මේ ඔහු එම සංවේදී අවස්ථාව තම මුහුණු පොතට එක් කර තිබු අයුරුයි,

ජීවිතයේ බොහොම සංවේදීම සංධිස්ථානයක් තමයි, අවුරුදු 15 ක් play කරපු , හුස්ම ටික, පන ටික වගේ ආදරය කරපු FLASHBACK බෑන්ඩ් එකෙන් අයින් වෙන්න මම තීරණය කරපු එක. අම්මා,තාත්තා, දරුවා, බිරිඳ, ලඟින් ඉන්න මිතුරන්, නෑදෑයන්, අසල්වැසියන් මේ හැමෝටම කලින් මතක් වුනේ, බෑන්ඩ් එකට ආදරය කරන හැමෝම වගේම, පුද්ගලිකව මට පට්ටම විදියට ආදරය කරපු කොල්ලො කෙල්ලො ඇතුලු, වයස් භේදයකින් තොර ලංකාවේත් පිටරටවලත් ඉන්න සුපිරිම රසික රසිකාවියන්, යාලුවන් ටික තමයි. මුලින්ම මට සමාවෙන්න, ඔයාලගේ අවසරයකින් තොරව අයින් උනාට 🙏.

( මේ POST එක දකින, මම ගැන නොදන්න හෝ මට අකමැති කෙනෙක් බලයි, කවුද යකෝ මේ පඩත්තරයා කියලා. සමාවෙන්න මේ පෝස්ට් එක ඒ අය වෙනුවෙන් නෙවෙයි. )

හැමදාම පුලුවන් විදියට MUSIC එක්ක ඉන්නවා. CALL, MASSAGE, කරපු, Photos, videos, හදපු වගේම ගොඩාක් දුක් වුනු, අඬපු හැමෝටම කියන්නෙ, මම ඔයාලට ගොඩක් ආදරෙයි ❤️🙏.

රාජපක්ෂ පවුල, රනිල් ඇතුලු රටම කාලා දාපු සක්කිලි දේශපාලකයන් ගැන පට්ටම තරහයි,ලැජ්ජයි.. වෘත්තියෙන් අයින් වෙද්දි,අඩුම තරමෙ මම අයින් වුනු විදිහ දිහා හරි බලලා හැදියල්ලා. මම අයින් උනේ හැමෝම අයින් වෙන්න එපා කියද්දි.. අරගලයට ජය වේවා.. 🙏

Band එකේ හිටපු අවුරුදු 15 දි මාත් එක්ක, එකට වැඩ කල සියලුම band members ලා ඇතුලුව, සියලුම flashback කාර්ය මණ්ඩලයට, සහ flashback නිර්මාතෘ වගේම මගේ angry bird ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයා / ඩොනල්ඩ් අයියාට ගොඩක් ස්තූතියි හැමදෙයකටම ❤🙏.

රොෂාන් ප්‍රනාන්දු කියන්නෙ ලංකාවේ මම චූටිම කාලෙ ඉඳන් ආස, ගෞරව කරපු චරිතයක්. එයාගෙ ඩ්‍රම් ශීට් එක එයා⁣ගෙන් පස්සෙ මට ලැබෙයි කියලා කවදාවත්ම හිතුවෙ නැහැ. ප්‍රතිපත්ති ගරුක, පිලිවෙලටම වැඩ කරන, කාටවත්ම බයනැති, කවුරු එයාට බැන්නත්,මිනිස්සුන්ට පට්ට qulity වැඩක් කරන්න හිතන, බෑන්ඩ් එක හැමදාම උඩින්ම තියන්න මහන්සි වෙන, ලෝභ කමක් නැතුව ලෝකේ තියෙන වටිනම instruments, sounds ගන්න, කෙලින් තීරණ ගන්න, respect ම පුද්ගලයෙක් / Leader කෙනෙක්. ඒ වගේම තාත්තා කෙනෙක් වගේ මගේ හැමදෙයකටම හිටපු, සහෝදරයෙක්.

රොෂාන් අයියා මම ගැන, එයාගෙ පුද්ගලික facebook ගිනුමෙන් සහ Flashback official facebook page එකෙන් දාපු post එක ගැන ගොඩාක්ම සතුටුයි.. ආඩම්බරයි 🙏❤

කියන්න දේවල් ගොඩයි.. මතකයන් ගොඩයි.. ආතල් කෝටියයි… ❤😂🙏

අලුතින් flashback drum එක භාර ගත්ත රුසිරු මල්ලිටත් සුභ පැතුම්. දක්ෂ කොල්ලෙක්. 👏👏

හැමෝවම, කවදා හරි, කොහේදි හරි හමුවේවි.. එතෙක්… ආදරෙයි හැමදෙනාටම 🙏❤

NIROSHAN DREAMZ – FLASHBACK

Leave a Reply

Your email address will not be published.