HNB FINANCE ‘මෙහෙවර’ වඩිනාගල විදුහලට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ග්‍රාමීය අධ්‍යාපනය නැංවීමේ වැඩපිළිවෙළ යටතේ දුෂ්කර පාසලක් වන අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල විද්‍යාලයේ සිසුසිසුවියන්ගේ පරිහරණය සඳහා පරිගණකයක් ඇතුළු උපාංග සහ පාසල් පුස්තකාලය සඳහා පොත් පත් පරිත්‍යාගයක් පසුගියදා සිදු කරනු ලැබීය.

සමාජයට වගකියන මූල්‍ය ආයතනයක් ලෙස HNB FINANCE සමාගම ‘මෙහෙවර’ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, නිවාස මෙන්ම ජීවනෝපාය සංවර්ධනය ආදි ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා කටයුතු කරමින් සමාජය සවිබල ගැන්වීමට සිය උපරිම දායකත්වය දෙමින් සිටී.

“විවිධ වූ සමාජ අවශ්‍යතා ඉටු කරමින් පිළිසරණක් අවශ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා HNB FINANCE PLC විශාල සේවාවක් පසුගිය කාලය පුරාම ඉටු කර තිබෙනවා. එමෙන්ම වරප්‍රසාද අඩු ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නැංවීම සඳහා අඛණ්ඩව කරන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල පාසල මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. මේ සද්කාර්ය කිරීමේදී තර්ස්ටන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (2019 -2022) සහ එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නොයෙල් ජෝෂප් මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ”යනුවෙන් HNB FINANCE PLCහි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.