කොමර්ෂල් බැංකුව තවත් තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 4ක් පිරිනමයි

කොමර්ෂල් බැංකුව කරන ප්‍රමුඛතම ප්‍රජා ව්‍යාපෘතියක් වන පාසල්වලට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර දීමේ වැඩසටහන යටතේ තවත් පාසල් 4ක් සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර දී තිබෙන අතර, ඒ තුළින් ප්‍රායෝගිකව තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයන් ඉගෙන ගනිමින් තවත් සිසු දරුවන් 7, 600 කට පමණ ප්‍රතිලාභ ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් මේ දක්වා පාසැල් 243ක් සඳහා තොරතුරු තාක්ෂණික විද්‍යාගාර පරිත්‍යාග කර ඇත.

තිඹිරිගස්කටුවේ මුදළිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහා විද්‍යාලය, මීගමුවේ බෝලවලාන නිමල මරියා මහා විද්‍යාලය, මීගමුවේ හරිස්චන්ද්‍ර විද්‍යාලය සහ ගම්පොළ දේවි බාලිකා විද්‍යාලය යන පාසල් සඳහා මෙවර කොමර්ෂල් බැංකුව විසින් මේ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර පරිත්‍යාග කර තිබේ. මේ පාසල්වල තොරතුරු සන්නිවේදන තාක්ෂණික විෂය අනිවාර්ය විෂයක් ලෙස උගන්වන අතර, බැංකුව විසින් මේ වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ ජාතික පරිගණක සාක්ෂරතාව සහ සිසුන්ගේ ඩිජිටල් ඉගෙනුම් අපේක්ෂා නැංවීම සඳහායි.

මේ විද්‍යාලවල තිබූ පරිගණක විද්‍යාගාර නවීකරණය කරමින් පුළුල් කිරීම සඳහාත්, පරිගණක, පුටු, මේස, ප්‍රින්ටර්, ප්‍රින්ටර් මේස සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් දීම සඳහා බැංකුව විසින් මෙහි දී මුදල් ආයෝජනය කර ඇත.

Leave a Reply

Your email address will not be published.