ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් වටලයි

ආදේශක පෙට්‍රල් නිෂ්පාදනය කරමින් සිටි නිෂ්පාදනාගාරයක් පොලීසිය විසින් වටලා තිබඒ, ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

කැස්බෑව පොලීසියේ නිලධාරීන් ඊයේ (13) සවස මඩපාත ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබුණි.

එහිදී ආදේශක පෙට්‍රල් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ලීටර් 165ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18,42 සහ 48 යන වයස්වල පසුවන මඩපාත, පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.