අලුතෙන්ම එන විද්‍යුත් මෝටර් රථය මෙන්න

ලොව ප්‍රකට දකුණු කොරියානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන හුන්ඩායි සමාගම සිය පළමු විද්‍යුත් සෙඩාන් මෝටර් රථය එළිදක්වා තිබේ.

“Ioniq 6” ලෙස නම්කර ඇති එම රථය දැනට ටෙස්ලා සමාගම පෙරමුණේ සිටින විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීමේ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වෙයි. 

හුන්ඩායි සමුහය – හුන්ඩායි මෝටර්, කියා, සහ ප්‍රමුඛ සන්නාමයක් වන ජෙනසිස් – 2030 තෙක් නව මාදිලියේ විද්‍යුත් මෝටර් රථ පෙළක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ලොව විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළෙන් 12%ක පමණ කොටසක් තමා සතු කර ගැනීම හුන්ඩායි සමාගමේ අරමුණ වෙයි. 

“Ioniq 6” විද්‍යුත් මෝටර් රථයක මිල ඩොලර් 42,000ක් පමණ වෙයි.

Leave a Reply

Your email address will not be published.