වෙල්ගමට පහරදුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට සහ ඔහුගේ ආරක්ෂකයාට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (14) උදෑසන කොළඹ – කොටුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.
පසුගිය මැයි 09 වැනිදා දිවයින පුරා පැවති ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම් හේතුවෙන් හෝමාගම දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන මාකුඹුර ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයාට පහරදී ඔවුන් ගමන්ගත් කැබ් රථයට ද ගිනි තබා අලාභ හානි සිදුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published.