චීන ප්‍රහාරක යානා 398ක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරලා

තායිවානයේ ගුවන් ආරක්ෂක පද්ධතියට ඇතුළත් කලාපය වෙත පියාසර කරන චීන ප්‍රහාරක ගුවන් යානා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව චීන මහජන විමුක්ති හමුදාව මේ වසරේ පළමු මාස 6 ඇතුළත පමණක් එවැනි ගුවන් ගමන් 555ක් සිදු කර ඇති අතර, ඉන් ගුවන් යානා 398ක්ම ප්‍රහාරක ගුවන් යානා බව වාර්තා වේ.

මේ තත්ත්වය චීනය විසින් තායිවානය සමග ගැටුමක් ඇතිකර ගැනීම සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස දකින බවත්, තායිවාන අහස පාලනය කිරීමේ චීන වර්ධනය එහි වඩාත්ම බරපතළ සිදුවීම බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

තායිවාන අහස ආක්‍රමණය කළ චීන යුද ගුවන්යානාවලට ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙළන හෙලිකොප්ටර් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් ඇතුළත් වී තිබේ. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2020 සිට අඛණ්ඩව සහ දෛනිකව චීනය සිය ගුවන් සීමාව උල්ලංඝනය කළ බවය.

Leave a Reply

Your email address will not be published.