ඉතාලියේ ටැක්සි රථ රියැදුරෝ පාරට බසිති

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට කුලී රථ සේවය ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ නව යෝජනාවක් සම්මත කරගැනීමට අගමැති මාරියෝ ඩ්‍රැගී පියවර ගැනීම නිසා ඉතාලියේ ටැක්සි රථ රියැදුරන් ආරම්භ කර ඇති උද්ඝෝෂණය මේ වනවිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මධ්‍යම රෝමයේදී ටැක්සි රථ රියැදුරන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් අතර, පොලිසිය වෙත දුම් බෝම්බ එල්ල කිරීමෙන් සිය කෝපය ප්‍රකාශ කර තිබේ. ඉතාලි අගමැතිවරයාගේ නිල කාර්යාලය පිහිටි පලාසි චිගි ප්‍රදේශයට මීටර් සිය ගණනක් නුදුරින් මේ උද්ඝෝෂණය පැවත්වීම නිසා අගමැති කාර්යාලය අවට මාර්ග සියල්ල වසා දැමීමටත්, අවට ආරක්ෂාව තර කිරීමටත් පොලිසිය පියවර ගෙන තිබේ. ඉතාලියේ විවිධ නගරවලින් ඒකරාශි වූ ටැක්සි රථ රියැදුරන් අතිවිශාල සංඛ්‍යාවක් මාර්ගගත ආකාරයෙන් කුලි රථ සේවය සපයන ඌබර් වැනි ටැක්සි සේවාවලට නව නීති රෙගුලාසි නිසා වැඩි වාසි සැලසෙන බවය. එමෙන්ම ඉන් තම ජීවිකා වෘත්තිය පහත වැටෙනු ඇතැයි ද විරෝධතාකරුවෝ බිය පළ කරති.

Leave a Reply

Your email address will not be published.