විදුලි ගාස්තු සංශෝධනය ගැන කොමිසමට මහජන අදහස් හා යෝජනා 100 ක්

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත මහජන අදහස් සහ යෝජනා 100කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට (15) ලැබී තිබෙනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ ලිඛිතව අදාළ අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
මෙම ගාස්තු සංශෝධනය වන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ එම කොමිසමේ නිල වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබෙනවා.
එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් හා යෝජනා ලබා ගන්නා අතර ලබන 18 වනදා දක්වා ඒ සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.
ඉන් අනතුරුවයි, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

Leave a Reply

Your email address will not be published.