තැපැල්පතිගෙන් නිවේදනයක්

රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිට වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි

පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ,නෙදර්ලන්තය ,ඊශ්‍රාලය ,රුසියාව යන රටවල් වලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

එමෙන්ම ඉන්ධන සපයා ගැනීමේ අර්බුදය හේතුවෙන් රට අභ්‍යන්තරයේ ද තැපැල් ප්‍රවාහන කටයුතු ප්‍රමාද විය හැකි බව ද වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published.