පාර්ලිමේන්තුව වට කරන්න ලාල්කාන්ත-සුනිල් සහභාගි වුණා

පාර්ලිමේන්තුව වට කිරීමේ තීරණයක් ගාලුමුවදොර පොදු අරගල භූමියේ නොතිබුණු බවත්, එම සිද්ධියට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සම්බන්ධ වී සිටි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ඊයේ (14) පැවසීය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ මෙයට ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් සහභාගී වී සිටි බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීම සහ රාජපක්ෂවරු න් දේශපාලනයෙන් ඉවත් කිරීමත් වෙනුවෙන් මෑත කාලයේ දියත් වූ මේ ජන අරගලය ලෝක දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අරගලයක් බවත් මෙම අරගලයෙන් සැලකිය යුුතු ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙන මොහොතක මෙවැනි දේවල් සිදු වීම අනුමත කළ නොහැකි බවත් කීය.

පාර්ලිමේන්තුව වටලා, පාර්ලිමේන්තුව රැස්වීම වළකා පවතින ගැටලුවලට විසඳිම් සෙවිය නොහැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.

පාර්ලිමේන්තුව අසල පසුගිය දා (13) සිදු වු ප්‍රචණ්ඩත්වය ගාලුමුවදොර පොදු අරගල භූමියේ ඇතිවු පොදු තිරණයක් මත සිදු වු දෙයක් නොවේ. ජාතික ජනබලවේගය තමයි එය කැඳවා තිබුණේ. ඊට ජනතාවත් සම්බන්ධ වුණා. ඒ් සම්බන්ධ වෙන්න ඇත්තේ තිබෙන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව වටලලා හරි විසඳුමක් ගත යුතුයි කියලා. නමුත් මෙවැනි අවස්ථාවලදි ජනතාවගෙන් අපි ඉල්ලනවා මෙවැනි ස්ථානවලදි කල්පනාකාරිව කටයුතු කරන්න කියලා. පාර්ලිමේන්තුව රැස්වන එක නවත්වලා මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න බැහැ. ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වු විමත් සමඟ රනිල් වික්‍රමසිංහ නාඩගමක් නටන්න යනවා. අරගලයෙන් මතුවු කරුණු කිහිපයක් දැන් අපිට පාර්ලිමේන්තුව මඟින් ඉටුකරගන්න තිබෙනවා. ඒ් ව්‍යවස්ථා හා ආර්ථික ප්‍රතිසංස්කරණ කරුණු ඒ් අතර තිබෙනවා. ඒ් නිසා සැලසුම්කාරි ප්‍රචණ්ඩත්වය එනවා නම් ජනතාව කල්පනාකාරි වියයුතුයි. මෙහි විවිධ මරඋගුල් තිබෙනවා මර්දනය කිරිම සඳහා යැයි ද කීවේය.

Leave a Reply

Your email address will not be published.