පළමු ඩීසල් රැගත් නෞකාවක් අද(16) අලුයම දිවයිනට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කරයි.
එමෙන්ම ඩීසල් තොග රැගත් තවත් නෞකාවක් අද දිනය තුලදී මෙරටට පැමිණීමට නියමිත බව ට්විටර් පණිවුඩයක් තබමින් ඇමතිවරයා පවසයි.
මේ අතර පෙට්ට්‍රල් රැගත් නෞකාවක් මෙම මස 18-19 යන දිනයන් හිදී පැමිණීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා සඳහන්කරයි.
මෙම ඉන්ධන නෞකා 03 සඳහා මුදල් ගෙවා අවසන් බවද අමාත්‍යවරයා පැවසීය.