ස්ථාවර රජයක් නැතිනම් රට වැහෙයි – මහ බැංකු අධිපති

කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය කර නොගතහොත් රට වැසී යා හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත.

බී. බී. සී. නිව්ස් නයිට් නම් වැඩසටහනට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.

ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේ සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය තරම් විදේශ විනිමය සොයාගත හැකිවේද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇති බවද මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.

ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර සහාය ලබාගත හැකි වන්නේ ස්ථාවර රජයක් පැවතීම යන කාරණය මත බවද ඔහු තවදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.