අමෙරිකාවේ උද්ධමනය යළි ඉහළට

අමෙරිකාවේ උද්ධමනය යළි ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. පසුගිය මාසයේදී 9.1%කින් උද්ධමනය ඉහළ යෑම දශක 4කට පසු සිදු වූ දරුණු ආර්ථික පසුබෑමක් බව අමෙරිකාවේ ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. පවතින තත්ත්වය මත බැංකු පොලී අනුපාතික යළි ඉහළ නැංවීමට සිදු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙට්‍රොල්, නවාතැන් සහ ආහාර සඳහා අධික මුදලක් වැය කිරීමට අමෙරිකාවේ ජනතාවට සිදු වී ඇති බැවින් ඉදිරියේදී තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ද වාර්තා වේ. එරට සංඛ්‍යාලේඛන මගින් තහවුරු වී ඇත්තේ මිල පීඩනය ආර්ථිකය පුරා පැතිරී ඇති බැවින් එය එරට වැටුප් අර්බුදයක් කරා ඇදී යනු ඇති බවකි.

Leave a Reply

Your email address will not be published.