නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමක දී නීති විරෝධී මත්පැන් තොගයක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගත් උපකරණ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කඳාන පොලිස් වසමට අයත් කළඑළිය ප්‍රදේශයේ දී ඊයේ(16) මෙම වැටලීම සිදු කර ඇති අතර එහි දී නීති විරෝධී මත්පැන් ලීටර් 202ක් සහ මත් පැන් පෙරීමට භාවිත කළ ගෝඩා ලීටර් 1800ක් සහ තඹ දඟර තුනක් සමග මෙම සැකකරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 48ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු කඳාන පොලීයට බාර දී ඇති අතර, කඳාන පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Leave a Reply

Your email address will not be published.