ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සියලු පක්ෂවල සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
ලබන අඟහරුවාදා එරට වේලාවෙන් පස්වරු 5.30 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි එරට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රලාද් ජෝෂි නිවේදනය කර ඇත්තේ.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මෙම සර්වපාක්ෂික රැස්වීමේදී මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම විදේශ ලේකම් විසින් මෙරට තත්වය සම්බන්ධයෙන් සහ ඉන්දීය සහය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක්ද සිදුකිරීමට නියමිතයි.
2022-07-17