ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් සහිත තවත් නෞකාවක් අද(18) මෙරටට ළගාවීමට නියමිත බව වාර්තා වේ.
එම නෞකාව මෙරට මුහුදු තීරයට පැමිණීමෙන් අනතුරුව තත්ත්ව පරීක්ෂාවන් සිදුකර කඩිනමින් ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
පසුගියදා මෙරටට ළගා වූ නෞකාවෙන් ගොඩබෑම් සිදුකළ ගෑස් තොගයේ තවත් කොටසක් අද දිනයේ දිවයින පුරා බෙදා හැරේ.
ඒ අනූව, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් කොළඹ මෙන්ම පිට පළාත්වලට ද බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසයි.