පෙට්‍රල් රැගත් නෞකාව දිවයිනට

පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි. 

එසේම මේ වනවිට ඩීසල් රැගත් නෞකා දෙකක් සිය ඉන්ධන ගොඩබෑමේ කටයුතු අවසන් කරමින් පවති.

මේ අතර තවත් එක් ඩීසල් රැගත් නෞකාවක් ඉන්ධන ගොඩබෑම සඳහා වරායේ දැනට නැංගුරම්ලා පවතින බවද ඇමතිවරයා පැවසීය. 

අද දිවයිනට ළඟාවූ පෙට්‍රල් රැගත් නෞකාවේ සාම්පල පරික්ෂා කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන ලබයි. එය අවසන් වීමෙන් පසු පෙට්‍රල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු හෙට(19) සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

ගොඩබානු ලබන ඉන්ධන සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය (CPSTL) මගින් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත යොමු කිරිම දුම්රිය සහ ට්‍රක් රථ මගින් හෙට (19) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published.