ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිගෙන් විශේෂ දැනුම්වත් කිරීමක්

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන ලබා දීම එළඹෙන විසි එක් වෙනි දා දින සිට ආරම්භ කරන බවත් QR කේතයට සහ වාහනයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීම එදින සිට ආරම්භ කරන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
එදින සිට ඉන්ධන ලබා දීමට සියලු වැඩ කටයුතු සූදානම් කර ඇති අතර, ඒ හේතුවෙන් පෝලිම්වල රැඳී නො සිටින ලෙස යි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම මේ වන විට යුද හමුදාව මගින් ලබා දී ඇති ටෝකන් ක්‍රමය විසි එක් වෙනි දා සිට අවලංගු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.
QR කේත ක්‍රමය යටතේ වාහන හිමියන්ට දින දෙකක් ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවත් කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන ලබා දීම සිදු කරන බවත් ඒ අනුව ලංකා පුරාම සියලු ම ඉන්ධන පිරහුම්හල් සඳහා යම්කිසි ප්‍රමාණයක ඉන්ධන ලබා දීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පවසනවා.
කෝටා ක්‍රමයක් යටතේ වාහනවලට ඉන්ධන ලබා දීම සිදු කරන බවත් කේතය ලබා ගන්නා පුද්ගලයෙකුට ඕනෑ ම ස්ථානයකින් එය ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමේ පහසුකම ඇති බවත් එය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් බව ද ඔහු අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published.