ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් අතැතිව ලකුණු 333ක් ඉදිරියෙන් ඉදිරියෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයේ තරගය අයහපත් ආලෝක තත්වය හේතුවෙන් අත්හිටුවනු ලැබුවා.
දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් රැස් කර ගෙන සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අන්තයක් රැකගෙන මේ වන විට පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 86ක් ලබාගෙන සිටිනවා.
මේ හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ඉහළ දැමීම සඳහා කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 76 සහ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලබාගත් ලකුණු 64 මහෝපකාරී වුණා.
ඊට අමතරව දනන්ජය සිල්වා පන්දු 20 කදී ලකුණු 20 ක් සහ රමේෂ් මෙන්ඩිස් පන්දු 32 දී ලකුණු විසිදෙකක් රැස්කර ගත්තා.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් ලකුණු 88 කට කඩුලු 5ක් බිඳ දැමූ අතර යසීර් ෂා ලකුණු 122 ට බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව තුනක්.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථාන කණ්ඩායම වඩා ලකුණු 333 ක් ඉදිරියෙන් සිටිනවා.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 222 ක් රැස් කර ගත් අතර ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 218 ක් රැස් කර ගත්තා.

Leave a Reply

Your email address will not be published.