විමල්ගේ වත්කම් නඩුව සැප්තැම්බර් 13ට කල් යයි

2009 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී තම නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
ඒ අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ දී යි.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කර තිබූ මෙම නඩුව, අධීක්ෂණ සහ දේපළ ගණුදෙණු මත වන සිද්ධීන් 39ක් යටතේ ගොනු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.