නිදාගන්න පෙර වතුර වීදුරුවක් බොන්න

අප බොහෝ දෙනා නින්දට පෙර වතුර වීදුරුවක් පානය කිරීමට හුරුවී නැත. එසේ හුරුවුවහොත් අපට හොඳ නින්දක් ලබාගැනීම පමණක් නොව, රුධිර ගමනා ගමනය ද හොඳින් සිදුකර ගැනීමට හැකියාව උදාකරගත හැකි බව වෛද්‍ය පර්යේෂණ මගින් හෙළිකර ගෙන ඇත.

විශේෂයෙන්ම බොහෝ දෙනාට උදෑසනට අවදි වනවිට මතුවන දෙපා හිරිවැටීම දෙපාවල මංශ පේශි වේදනාව ද මෙලෙස ජලය වීදුරුවක් පානය මගින් මඟහරවා ගත හැකිය.

දිගු වේලාවක් නිදා ගැනීමේ දී දෙපාවලට රුධිර ගමන් කිරීම අඩපණවීම නිසා දෙපාවල මාංශ පේශි විඩාවට පත්වේ. එවිට මාංශ පේශි වේදනාව මස් පිඬු පෙරළීම ආදිය සිදුවිය හැකිය.

ජලය වීදුරුවක් පානය කිරීම නිසා රුධිර ගමනා ගමනය හොඳින් සිදුවන බැවින් මෙම අපහසුතා මඟහරවා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published.